යන්නෙපා සුදෝ

Wait 5 sec.

#යන්නෙපා__සුදෝ#කෙටි_කතාව” අවින්…හිටපං හු#$% ..ඔච්චර හයියෙන් මේ අටමගලේ පදින්න බෑ යකෝ…මගේ දිව ටයිඑක වගේ…වෙලා…”අවින් රංගේෂ් …එහෙමම හැරිලා තමාගේ පස්සෙන් පා පැදිය හතිදාගෙන පැදගෙනඑන තමාගේ අතිජාත මිත්‍රයා …කුසල් දිහා බැලුවා ….” හම්මෝහ්…මගේ පන ගියා තෝව අල්ලගන්න මේ මගුල පැදලා…”අවින් ලඟට එන ගමන් කුසල් කියද්දි…අවින් හිනා උනා විතරයි ….“හෙමිහිට යමන් ඈ…මැරෙන්න බෑ දැන්ම…හුස්මත් හිරවෙන්න වගේ ආවා…”බ්‍රේක් නැතුව නන්ස්ටොප් කියාගෙන යන කුසල් දිහා අවින් බලාගෙන හිටියේ නෝන්ඩි බැල්මකින්….දෙන්නා එක්ක ඒ ලෙවල් ක්ලාස් ඇරිලා ..හංදියේ තේ කඩේට දාලා යන පුට් සයිකල් දෙකේ නැඟලාගෙදර යන ගමන් හිටියේ ….අවින්…කුසල් දෙන්නම ගමක ජීවත් වෙන සාමාන්‍ය ගොවි පවුල් දෙකක බොක්කවල් දෙකක් ….සරල දිවි පෙවෙතක් ගත කරන..අහිංසක ගම් වැසියෝ ගොඩක් තමයි හිටියේ …එකිනෙකාට උදව් කරගනිමින්…අසල්වැසියගේ සතුට සැපේදී විතරක් නෙවෙයි …දුකේදි විපතෙදිත්…මේ ගම්මු එකහෙලා…එකිනෙකාඑකට එකතු උනා…අවින්…මේ ගමේ එක ගොවි මහත්තයෙක්ගේ පුතෙක්…වෙනසක් තිබ්බා…ලොකු වෙනසක්…අවින් අනිත්අය අතර අසාමාන්‍ය විදිහට කැපිලා පෙනුනා…එක හේතුවක් තමයි කලාතුරකින් කොල්ලෙක්ට පිහිටන ස්වභාවික කඩවසම් පෙනුම… ගැමිගත්වයෙන් මිදිලාතිබ්බ ඒ පෙනුම…අවින්ගේ තිබ්බ ගතිගුණ …ඕනෑවට වඩා කිසි කෙනෙක් එක්ක කිසි කතාවකට යන්නේ නැති …නොපෙනෙන අහංකාරකමක් අවින්ට තිබුනා….යාළුවන් අතරෙත් අවින් විශේෂයි…මහ ගොඩක් යාළුවෝ අවින්ට නොහිටියත්…මුළු ගමේම කොල්ලොඅවින්ගේ පන සමාන මිත්‍රයෝ ….මේ ඔක්කොම එක්ක අවින්ට තවත් සුවිශේෂී හැකියාවන් රැසක් පිහිටලාතිබ්බා…කුකින්…ස්විමින් …ෆයිටිං…ස්ටඩි මීටරයක්… අවින්ගේ ලඟම මිතුරා තමයි කුසල්…අනිත් උන්ට වඩාඅනින් ලඟින්ම ඇසුරු කලේ කුසල්ව….” මං මෙතනින් කැපුනා…හෙට උදේම නැඟිටලා හිටපන් ඈ…මට බෑ දවස ගානේ ඇවිත් උඹව ඇහැරවන්න…”කුසල් එක මං සංධියකදී පා පැදිය හරවගෙන අවින්ට කියද්දි…ිවින් ඔරවලා කුසල් දිහා බැලුවේ …” හෙට ෆ්‍රී දවස…ටිකක් නිදා ගනින්…උදේම ගෙවල් වලට කඩාපාත් වෙන්නෙ නැතුව …”“මට උඹ නැතුව නිද්ද යන්නෙවත් නෑ බම්…ඒකමයි උදේම උඹේ ගෙදර මං එන්නේ…”“උඹ නම්…ශිට් ….”කුසල් හැක හැක ගගා හිනාවෙවී අවින්ට අතත් වනාගෙනම පාරෙන් හරවලා දාලා ගියා …අවින් ඒ දිහා හිනාවේගන බලාගෙන ඉඳලා තමාගේ ෆුට් සයිකලය ඉස්සරහට පැදගෙන ආවා….කොල්ලගෙ ගෙදරට යන්න තියෙන්නේ ගමේම තියෙන මහ විසල් බංග්ලෝ එකක් පහු කරගෙන…මේකඅයිතිකාර මනුස්සයා ඩොක්ටර් කෙනෙක් කියලයි ගම්මු අතර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ….මේ බංගලාවේ හිටිය ලොකු මහත්‍තයා ..සමරනායක …එයාගේ එකම පුතා දේවින්ද සමරනායකටමේක දීලා පිට රටක පදිංචියට ගිහින් තිබුනා…ටික කාලෙකින්…දේවින්ද සමරනායක විවාහ වෙලා…එයාගේනෝනා එක්ක මෙහේ පදිංචියට ඇවිත් තියෙනවා …එතකොට දේවින්ද සමරනායක වැඩ කරලා තිබ්බේ මේ ගම්මානෙට ලඟම ටවුමේ රජයේ රෝහලේ…දේවින්ද සමරනායක කියන්නේ වෛද්‍යවරයෙක් …මෙහේ යන්න එන්න තිබ්බ අපහසුකම් නිසා මේදෙන්නා මේ බංගලාව වහලා දාලා ඉතාලියේ පදිංචියට ගිහින් තියෙනවා ….දැන් අවුරුදු විස්සක් විතර මේ බංගලාව වහලා දාලමයි තිබුනේ …දේවින්ද සමරනායකගේ තාත්තාකිසිම දවසක ආපහු මේ බංගලාවට ඇවිත් තිබුනේ නෑ ….අවුරුදු විස්සකටත් වැඩි කාලයක් තිස්සේමේ පරණ බංගලාව වැහිලමයි තිබ්බේ….කොල්ලගෙ හිත ගැස්සිලා ගියේ ….බංගලාවේ ඇරලා දාලා තියෙන ගේට්ටුව දැක්කම…අවින් ෆුට් සයිකලයස්ලෝ කරගෙන ..බංගලාව දිහාම බලාගෙන හෙමිහිට පැදගෙන ආවා….ගේට්ටුවෙන් ඇතුලේ…එක එක හඬවල් එලියට ආවා….කවුරුහරි මේකට ඇවිත් කියලා කොල්ලට තේරුනා ….අවින්…ෆුට් සයිකලය පාගගෙන ගෙදරට ආවා….බයිසිකය ගෙදර පිලිකන්නෙන් හේත්තු කරලා.. කොල්ලාබෑග් එකත් දාගෙන ගේ ඇතුලට ගියා ….” අඩෝව්…නැඟිටපන් යකෝ…”කන ලඟම ඇහුන ඒ ටකරං හඬට අවින් උඩ ගිහින් ඇහැරුනේ ….මල පැනපු මූඩ් එකෙන් ඔරවගෙන අනිත්පැත්තට හැරෙද්දි කුසල් ගොන්පාට් හිනාවක් එක්ක ඇඳේ කොනක වාඩිවෙලා ඉන්නවා ….අවින් දත්මිටි කාගෙන ඇඳෙන් පනිද්දි…කුසල් ඇඳෙන් නැඟිටලත් ඉවරයි …..” කාන්ති නැන්දෙ බේරගන්ඩෝ…ඔයාගේ පුතා මාව මරාගෙන කන්න හදනෝ….”කුසල් ලතෝනි දීගෙන කාමරෙන් එලියට දුවද්දි…අවින් කට කොනින් හිනාවේගන තුවාය අරන්කරට දාගෙන…ඇඳගෙන හිටපු සරමෙන් කොනක් අල්ලගෙන කාමරෙන් එලියට ආවා….ගෙදර පහලට වෙන්න බොන්න විතරක් නෙවෙයි …නාන්න රෙදි හෝදන්නත් හදලා තිබ අවින්ලගේපොඩි ළිඳට කොල්ලා ඇවිත් මූන සෝදගෙන එද්දි…කුසල් ප්ලේට් එකක් පිරෙන්න කනවා….“සුදු මහත්‍තයා …තේ එකක් හදලා දෙන්නද…එකපාර ඔහොමම කනවද…”“තේ එකක් දෙන්න අම්මා…”“පුතා ඇඳුමක් දාගෙන එන්නකෝ එහෙනම්…”“කෝ අම්මා අප්පච්චි ….”“බංගලාවට ගොඩ වෙන්න කියලා ගියා ….”කාන්ති තේ හදන්න ඕනි කරන දේවල් ගන්න ගමන් කිව්වා…“ආ….මාත් දැක්කා බංගලාවේ ගේට්ටුව ඇරලා තියෙනවා ඊයේ …කව්ද අම්මා ඇවිත් ඉන්නේ…ඒක විකුණලද…”“විකුණලා නෑ පුතා…ඒ දොස්තර මහත්‍තයා …දේවින්ද මහත්‍තයා ආපහු ඇවිත්…..”“ආ…..”“ඊයේ අප්පච්චි කඩේට ගිහින් එද්දි මූනටම හම්බ වෙලා…අප්පච්චි කියනවා දැක්ක ගමන් අප්පච්චිව ඇඳින්නලු..”“ආ….”“උදේ අප්පච්චි ගියා පොඩ්ඩක් බලලා එන්නම් කියලා ….”“හ්ම්ම්ම්ම්…..”” ඉතාලියේ ඉඳලා ඇවිත් තියෙන්නේ …දොස්තර මහත්‍තයාගේ නෝනා නම් තනිකර සුද්දියක් වගේ .. ඒ තරමටලස්සනයි …දෝණිත් එහෙමයි …ඕං නං පුතාට වඩා අවුරුද්දක් දෙකක් බාල ඇති…”” ම්ම්ම්….”අවින් කාන්තිගේ අතිබ් තේ එකත් අරන් ආවේ කාමරේට ….දිග කලිසමකට ටී ෂර්ට් එකක් ආගෙන…ස්ලිපර්ස්දෙකත් දාන්…තෙත කොන්ඩෙ අතින් හදන ගමන් එලියට ආවා….කොල්ලා අඩි තුන හතරක් පස්සට විසි උනේ සාලේ මැද්දේ කුඩා පුටු සෙටියේ වාඩි වෙලා ඉන්න කෙනාව දැක්කම….තරමක් කොට ගවුමක් ඇඳගෙන සාලයේ පුටු සෙටියේ වාඩිවෙලා…ඉන්න කෙල්ලව දැක්කම කවදාවත් නොවුනුවිදිහට කොල්ලගෙ හිත අසාමාන්‍ය විදිහට ගැස්සිලා ගියා ….අවින් අතින් කොන්ඩෙත් අල්ලගෙන….තේ එකත් එක්ක කාමරේ කර්ට්න් එකත් අල්ලගෙන කෙල්ල දිහා බලාගෙනහිටියේ හොල්මන් වෙලා….තමා දිහා යකා ගහලා වගේ බලාගෙන ඉන්න අවින්ව දැක්කම ශේල්යා හරි ලස්සනට හිනාඋනා….පිට රටක හැදිලා වැඩුන නිසාම සමාජයට තරමක් විවෘත බවක් ශේල්යගේ තිබුනේ …ගම්බද කෙල්ලෙක්ගේ ලැජ්ජාශීලීබව ශේල්යගේ තිබ්බේ නෑ …කිසි දවසක දැක නොමැති අවින් එක්ක උනත් සුහදශීලීව සිනාසුනේ ඒකමයි…අවින්ට ඒ හිනාව එක්කම ශේල්යා එක්ක හිනාවෙන්නත් අමතක උනා වගේ…කොහොමත් අහංකාර ගති පැවතුම්ගොඩක් තියෙන අවින්…දෙතොල් විතරක් මෑත් කරලා ලාවට වගේ හිනා උනා…කොල්ලට පුදුම හිතුනේ…මෙච්චර ලස්සන කෙල්ලෙක් කිසිම අහංකාරකමක් නැතුව …තමා එක්ක සුහදව …කිසිපැකිලිමකින් තොරව හිනා උන එකයි….අවින් එහෙමම කුස්සියට යද්දි…කෙල්ල බලාගෙන හිටියා ….“පුතා….”“අප්පච්චි….”” දොස්තර මහත්‍තයාගේ දෝණී ආවා මාත් එක්ක…මෙහේ ඇවිදින්න ආසයිලු…පුතේ මං කුඹුරට යන්න ඕනි …”“ඕක සුළු දෙයක්නේ අනුර මාමේ…අපි දෙන්නා මුළු ගමම එයාට පෙන්නන්නම්කෝ…”කුසල් කෑගහද්දි…අවින් කරදරකාරි බැල්මක් කුසල්ට දැම්මා….” ඔව්…පුතේ…හරි හොඳ දරුවෙක්…අහංකාරකමක් ගෑවිලාවත් නෑ …එච්චර ලස්සන වෙලත්..කටපුරා මාමේ කියලාකතා කරනවා….”“ආ…එයාට සිංහල කතා කරන්න පුලුවන්ද …”අවින්ට එයාටත් නොදැනිම ඇහුනා…මොකද දේවින්ද සමරනායක මෙහෙන් යද්දි…ඔය කියන දෝණී එයාලට ලැබිලාහිටියේ නෑ ….“ඉපදුනෙත් පිටරටක උනාට මොකද …ඒ දරුවට හොඳට සිංහල කතා කරන්න පුලුවන් …”කාන්තිත් හිනාවෙවී කියද්දි..අවින්ගේ ඇහිබැමි දෙකම ඉහලට එසවුනා….අන්තිමට අවින්ට ….ශේග්යා එක්ක ගමේඇවිදින්න යන්න සිද්ද උනා…මේ දෙන්නා එක්ක කුසලුත් සෙට් උනා….“මෙතන මාරම ලස්සනයිනේ…වෝව්….”තුන්දෙනා එක්ක අමාරුවෙන් පොඩි කඳු ගැටයක් උඩට නැඟ ගත්තා ….එතනට මුළු පලාතක්ම හරි ලස්සනටපේනවා…ගමෙන් බාගයක් වගේ…කෙලවරට වෙන්න අක්කර ගානක වෙල් යාය…තැනින් තැන පේන ගමේ ගෙවල්…අමුතුම හැඟීම් ගොඩක් හිතට ගේනවා….” මේ නංඟා…”කුසල් කෑගහද්දි…කෙල්ල හැරිලා බැලුවා…“ඕ….”“ඔයාලා මෙහේ දිගටම ඉන්නවද….”“නෑ…අයියා …මාසයක් වගේ ඉන්නේ…”“ඇයි ඉතින් මෙහේ ඉන්න පුලුවන්නේ දැන් …”“ඔව්…මාත් මාරම කැමතියි මෙහේ ඉන්න…අපේ තාත්ති කැමති නෑ මං මෙහේ නතර වෙනවට….”“ඇයි ඒ…?”” මගේ ස්ටඩි කන්ටිනියු කරන්න පොරොන්දු උනා මාසයක් මෙහේ ඉඳලා ගිහින් …මේ ආවෙත් අවුරුදු ගානක්කියලා කියලා …”” ම්ම්ම්….”” මෙහේ හරිම නිදහස්…ඇස් වලට පේන මේ හැමදේටම මං මාරම කැමතියි …අමුතුම නිදහසක් දැනෙන්නේ…ඇස් වලටත් හරි අමුතු සනීපයක් දැනෙනවා ….මේ පරිසරය දැක්කම…”කෙල්ල බ්‍රේක් නැතුව නන්ස්ටොප් කියද්දි…කුසල්ගේ විතරක් නෙවෙයි …අවින්ගෙත් කට ඇරුනා….” ඔයා මොනවද කරන්නේ එහේ….”“වෙන මොනවද ඉතින් …තාත්තිගේ සබ්ජෙක්ට් එකම තමා…”කිංකිනි හිනාවක් එක්ක කෙල්ල කියද්දි..අවින්ටත් හිනා ගියා….තුන්දෙනා එක්ක දවල් වෙනකම ඇවිදලා කන්දෙන්පහලට ආවා….“හෙට වැඩද ඔයාලා….”කෙල්ල අහද්දි…අවින් බලාගෙන හිටියේ ඒ ඇස් දිහා….” හෙට ස්කූල් නංඟා…”“ඔයාලගේ ස්කූල් ටයිම් අප් වෙන්නේ කීයටද….”“අපි ගෙදර එද්දි දෙක පහුවෙනවා….”“ඊටපස්සේ ආවම වැඩක්ද….”“කෙලින්ම කොහේහරි ඇවිදින්න යන්න ඕනි කිව්ව නම් ඉවරනේ…කෑල්ල කෑල්ල අහන්නේ..”අවින් කියද්දි..කෙල්ලට හයියෙන් හිනා ගියා ….කුසල් උනත් හිටියේ හිනාව හිරකරගෙන ….“මං අහන්න බයේ හිටියේ ….හෙටත් යමුද…රවුමක් දාන්න….'”“මට එන්න වෙන්නේ නෑ දේවා…”“අනේ අයියා…ඒ ඇයි…”“හෙට අම්මා එක්ක හේනට යන්න ඕනි…අල උගුල්ලනවනේ…”“එහෙනම් අපිත් එන්නම් එහේ…”.”හ්ම්ම්…කැමති නම් එන්නකෝ…”“කැමතියි…කැමතියි ….”කුසල් ගෙදරට හැරෙන පාරෙන් පහලට යද්දි…අවින් කෙල්ල එක්ක බංගලාව පැත්තට ආවා….“අයියා…”“ආ….”” මෙහේ හරි ෂෝක් නේද…”බෝනික්කියක් වගේ…රෝස පාට දෙතොල් උල් කර කර කියද්දි…අවින් බලාගෙන හිටියේ මද හිනාවක්මුවේ තියාගෙන….“දැන් හෙට ඇත්තටම හේනට යන්න එනවද….”“හ්ම්ම්…හ්ම්ම්..මං ආසයි බලන්න…”“යමු එහෙනම්…”අවින් කෙල්ලව බංගලාව ලඟටම එක්කගෙන ආවා…“එන්න ගෙදරට ගිහින් යමු….”“දැන් බෑ …හෙට එන්නම්…”“ඕං ඕකනේ බැරි ….හොඳ යාලුවො උනාම ඔහොම කරනවද…”“හෙට එන්නම් කුසලා එක්ක…”“හෙටත් එමු…අදත් යමු…මං රසට ඩ්‍රින්ක් එකක් හදලා දෙන්නම්….”“හෙට දවසම ගෙදර ඉන්න වැඩක් වෙයිද දන්නෑ…එහෙනම් ….”“අනේ යනවා යන්න…එහෙම නෑ …මට හොඳට උයන්න පුලුවන් ….”කොල්ලා හිනාවෙවී…අකමැත්තෙන් උනත් කෙල්ල එක්ක බංගලාවට ආවා….අවුරුදු ගානක් තිස්සේ මේ බංගලාවඉස්සරහින් කොල්ලා ඕන තරම් යන්න එන්න ඇති …ඒත් මේක ඇතුලට ආව පලවෙනි වතාව මේක….” දෝණි…හොඳට ඇවිද්දද…ඉතින් …”දෙන්නා ඉස්සරහට ආවේ අවුරුදු පනහක විතර ලස්සන කාන්තාවක් ….“කියලා වැඩක් නෑ අම්මි…මෙහේ ඉන්න හිතෙනවා…හරිම සනීපයක් දැනෙන්නේ ….”“ඔයාගේ ස්ටඩි වලින් පස්සේ බලමූකෝ ඉතින් ….එන්න පුතා…”“ආ….අම්මි…මේ අනුර මාමගේ පුතා …මං එහේ ගියාම මේ අයියයි…එයාගේ යාලුවයි එක්ක තමයි ඇවිදින්න ගියේ ….මාමා කොහෙද මේ යනවා කිව්වේ….මේ…මේ..ආ…කුඹුරට …”කිසි දෙයක් නොසඟවා…ඒ විදිහටම හැමදේම කියන කෙල්ල ගැන පහන් හැඟීමක් කොල්ලගෙ හිතට දැනුනේ….” එන්න පුතා යමු ඇතුලට …කන් දෙක අඟුලු වැටිලා යනවා මේ කියවන කියවිල්ලට…”ශේල්යගේ අම්මා…මාරියා කියද්දි…කෙල්ල රවාගෙන ඇතුලට දිව්වා….සති තුනක් ඉක්මිලා ගියේ කියාගන්න බැරි තරම් වේගයකින් ….ශේල්යා…අවින්…කුසල්…හොඳම යාලුවෝ උනා…ඒත් කොල්ලගෙ හිත ටිකෙන් ටික වෙනස් වෙලා…කෙල්ල ගැන වෙනස්ම හැඟීම් ගොඩකින් හිත පිරෙන්න ගත්තා ….ඒත් කෙල්ලගෙ තියෙන විවෘත භාවය නිසාම කිසි දෙයක් අඟවන්නවත් කොල්ලට බයයි…මේ තියෙන මිතුදමත්බිඳිලා යයි කියලා අවින් බය උනා…තමන් කෙල්ල ගැන හිතුවත්….කෙල්ල එහෙම නැත්තම් ….කොල්ලා දිග සුසුමක්එක්ක ළය සැහැල්ලු කරගන්න උත්සාහ කලා….අන්තිමට කෙල්ල යන දවසත් ලං උනා…ශේල්යට අවින්ගේ ගෙදර තමගේ ගෙට්ම්දරටත් වඩා හුරුයි….අදවස ගානේඒ ගෙදරට කෙල්ල මාසයක් පුරාවටම ආවා ගියා….වෙනදට කෙල්ල කෑගහගෙන අවින්ගේ කාමරේට එන්නේ…අද කෙල්ල කිසි කතාවක් නැතුව කඩාගෙන කාමරේටයද්දි….අවින් තෙත කොන්ඩේ අතින් හදන ගමන් කන්නාඩිය ඉස්සරහ හිටියේ ….කෙල්ල කිසි කතාවක් නැතුවගිහින් …ඒ පිටිපැත්තෙන් කොල්ලව අත් දෙක දාලා බදාගද්දි….අවින් ගල් ගැහිලා ගියා ….” ශේල්…”“කිසි දෙයක් කියන්න එපා….”කෙල්ලගෙ හඬත් අමුතුයි….අවින් මොහොතක් එහෙමම ඉඳලා. අනිත් පැත්ත හැරුනා….කෙල්ල නහය උඩට ඇද ඇද…බිම බලාගෙන ඉන්නවා ….අවින් කෙල්ලගෙ මූන උඩට උස්සලා ඒ මූනට එබුනා….” ඇයි මේ….”අවින් අහද්දි…කෙල්ලට මහ හයියෙන් ඇඬුනා….අත් දෙකෙන්ම මූන වහගෙන අඬද්දි…අවින් කෙල පොදක් ගිලලාඇස් දෙක තද කරලා පියාගත්‍තා …..“මට යන්න බෑ ….”පොඩි දරුවෙක් වගේ…ඉකිගගහා අඬ අඬ කියද්දි….අවින් ඒ අත් දෙකෙන් අල්ලලා…මූනෙන් අත් දෙක ඈත් කලා….” ආයිත් එනවනේ…අඬන්නේ ඇයි ….”” ඒ එනකොට මෙහේ ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙයි….”” ගම වෙනස් වෙන්නෙ නෑ මෝඩි…මෙහෙමම තමයි….”“ඔව්…ගම වෙනස් වෙන එකක් නෑ …ඒත් ඒකේ ජීවත් වෙන මිනිස්සු ගොඩක් වෙනස් වෙලා ඉඳීවි….”“ඔව් ඉතින්…ගොඩ දෙනෙක් මැරිලා තියෙයි…පොඩි අය ලොකු වෙලා ඉඳී…සමහර අය ගම දාලා ගිහින් තියෙයි…”“ඔයා…”“මං මොකක්ද ….”“මං එද්දි…ඔයත් ඔය නැට්ටිච්චියක් බැඳගෙන මෙහෙන් ගිහින් තියෙයි….”අවින් ගැස්සිලා ගියා …හිනා යන්න ආවත්…හිනාව හිරකරගෙන කෙල්ලගෙ ඇස් වලට එබුනා…” සමහරවිට …”කෙල්ලගෙ ඇස්වල කඳුලු අලුත් උනා….අඩියක් දෙකක්…පස්සට යැවුනේ කෙල්ලටත් නොදැනිමයි….එහෙමම හැරිලා දුවන්න හදද්දි…කොල්ලා කෙල්ලව අල්ලගෙන හේත්තු කලේ වෝල් එකට…“මොකද උනේ…”“ඔයා ඒ නැට්ටිච්චි එක්කම ඉන්න…අතාරින්න මාව….”“ශේල්යා…”“මොකද….”“ආදරේ කලාද මට ….”“නෑ…පිස්සුද …මං මොකටද ආදරේ කරන්නේ ඔයාට ….”“එහෙනම් අඬන්නෙ නැතුව යන්න…”“අඬන එක මගේ වැඩක්…ඒකෙන් ඔයාට වැඩක් නෑනේ….”“ඇයි නැත්තේ….මට …”අවින් ඒ රෝස පාට වෙව්ලන දෙතොල් වලට බර උනේ…ශේල්යා සීතල වෙලා යද්දි….” ඒ නැට්ටිච්චි එනකම් එක පිස්සෙක් බලාගෙන ඉන්නවලු…කවදාහරි …”අවින් ඒ නලල මතට තමාගේ නලල තියාගෙන…ඒ ඇස් වලට එබිලා කියද්දි….කෙල්ල අල්ලගත්තෙ ඒ මූනතමාගෙ අත්දෙකෙන්ම…ඊලඟට කකුලේ ඇඟිලිතුඩු වලින් ඉස්සිලා …ඒ කම්මුලක් මතට තදින් කිස් එකක්දුන්නා….අවින්ගේ ඇස් ඒ සමානව පියවිලා ගියා ….ඉතිං…ඇස්වල කඳුලු පුරවගෙන ඇය යන්න ගියාය….දවසක එනතෙක් බලා හිඳිනුහැර කරන්න වෙන කිසිදෙයක්ඉතිරිව නැත….යලි ඈ ආවත්…ඒ ආදරය ඒ ලෙසටම ඇය ලඟ තිබේ දැයි තහවුරු කර කිව නොහැක…එහෙත්…බලාගෙනහිදීමද හිතේ කොනකට දැනෙන යම් සැනසිල්ලකි….ඇය එසේ නොකරන බව ඔහු දනී…නමුත් ඒ සුරංගනාවි තමාට නොදෙන බව අවින් හොඳින් දනී….යම් දවසකඇය යලිත් මෙහි පැමිණේවි…ඒ එනවිට තමා ජීවිතේ ඉහලටම පැමිණ සිටිය යුතුය….වේදනා දෙන ඒ ඇස් දිහා බලාගෙන හිනාවෙන්න ඔහුට අවශ්‍යය …ඒ රෝස දෙතොල් සිපගන්න ඔහුට ඕනය…ඒ සියුමැලි වත…තුරුලු කරගෙන ඉන්නට ඔහුට ඕනිය…නැවතිල්ලක් නැති ඒ කතාව අහන්න ඔහුට ඕනිය…කුමක් කරන්නද…ඇය එන තෙක් බලා සිටිනු හැර….පායා එන සඳවත මනරම්….තනිකමත් බෝම සීතයි…..වාවාගෙන මහමෙරක තරම්….උණුසුමකින්__තුරුලු_වෙමී…දිවිය පුරා ….ලඟ හිඳිමී….නිමි….