රාජ්‍ය හවුල්කාරීත්ව වැඩසටහන යටතේ ඇමෙරිකාවේ මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය පැවසුවේ, මෙමගින් ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය, ආරක්ෂාව සහ ආපදා ප්‍රතිචාර දැක්වීම වැඩිදියුණු කරමින් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව ආරක්ෂක සහයෝගිතාව වඩාත් විධිමත් කරනු ලැබූ බවයි.