ජපානයේ රැකියා සඳහා යොමුවීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ගේ භාෂා හැකියාව හා පුහුණු කටයුතු වැඩි දියුණු කර රැකියා අපේක්ෂිතයින්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගනිමින් සිටින බව කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක මහතා පැවසීය.