මෙම අපද්‍රව්‍ය පැමිණෙන්නේ කෙසේ දැයි බීබීසී සිංහල විසින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුනසේකරගෙන් විමසීමක් සිදු කරන ලදී. "මැයි 25 ඉන්දියාවේ කේරළයේදී නැවක් ගිලුණා. ජූනි 11 ඉඳන් ලංකාවට පොලිතින් එන්න පටන් ගත්තා. මුල ඉඳන් ම පෙලට්ස් ආවා. පළවෙනි සති දෙකේ ආවේ නෑ. ජූනි 11 තමයි ලංකාවට එන්න පටන් ගත්තේ," ඔහු පැවසුවේ ය.