පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ (PTI) සාමාජිකයින් 108 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා. මෙය සිදු කර ඇත්තේ 2023 දී හමුදාවට එරෙහිව පැවති විරෝධතාවලට ඔවුන් සම්බන්ධ වීම හේතුවෙන්.2023 මැයි මාසයේදී, දූෂණ චෝදනා මත ඉම්රාන් ඛාන්ව අත්අඩංගුවට ගැනීමෙන් පසු රට පුරා ප්‍රචණ්ඩ විරෝධතා හට ගත්තා. මෙම විරෝධතාවලට සම්බන්ධ වූ විශාල පිරිසකට බලධාරීන් විසින් පසුගිය වසර දෙක තුළ දඬුවම් පමුණුවා තිබෙනවා.මීට අමතරව, විපක්ෂ නායක ඕමාර් අයුබ් ඛාන් ඇතුළු PTI පක්ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනෙකුට වසර 10ක සිර දඬුවමක් නියම කර ඔවුන්ගේ පාර්ලිමේන්තු ආසන අහිමි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.The post ඉම්රාන් ඛාන්ගේ පක්ෂ සාමාජිකයින් 108 කට සිර දඩුවම් නියමවෙයි . මන්ත්රීවරුන් 06 කගේ ධූර අහෝසියි. appeared first on Siyatha News.