සෞදියේ ජෙඩා නගරයේ විනෝද උද්‍යානයක අනතුරකින් 23කට තුවාල

Wait 5 sec.

සෞදි අරාබියේ ජෙඩා නගරයේ තායිෆ්හි පිහිටි විනෝද උද්‍යානයක පැවති සැණකෙළියකදී, විනෝදාස්වාදය සඳහා ඉදිකර තිබූ උපකරණයක් කඩා වැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.මෙම සිදුවීමෙන් 23 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, ඉන් 3 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.අනතුරට හේතුව සම්බන්ධයෙන් කලාපීය ආණ්ඩුකාරවරයා විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එම විනෝද උද්‍යානය ද වසා දැමීමට නියෝග කර තිබෙනවා.The post සෞදියේ ජෙඩා නගරයේ විනෝද උද්‍යානයක අනතුරකින් 23කට තුවාල appeared first on Siyatha News.