'ධර්ම චක්‍රයක් සහිත ඇඳුමක් ඇඳ සිටියේ යැයි' කාන්තාවක් අත්අඩංගුවට ගැනීම: හසලක පොලිස් ස්ථානාධිපති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

Wait 5 sec.

2019 වසරේ මැයි මස 17 වනදා හසලක පොලිස් වසම තුළදී "ධර්ම චක්‍රය" සහිත ඇඳුමක් හැඳ සිටියේ යැයි මෙම පෙත්සම්කාරිය අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට පොලීසිය විසින් කටයුතු කර තිබිණි. කිසිඳු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින්, පොලිසිය සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කාරිය විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබිණි.