අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පනවා තිබූ තීරුබදු අනුපාතය 30% සිට 20% දක්වා අඩු කර ඇත. මෙම තීරුබදු අද (අගෝස්තු 1) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි.ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයට අනුව, ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයකටම මෙම බදු අඩුකිරීම් බලපා ඇත. දකුණු ආසියාවේ රටවල් වන බංග්ලාදේශයෙන් 20%ක් සහ පාකිස්තානයෙන් 19%ක් ලෙස තීරුබදු අඩු කර තිබේ.කෙසේ වෙතත්, ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අයකරන 25%ක තීරුබදු අනුපාතය නොවෙනස්ව පවතී.වෙනත් රටවල් සඳහාද තීරුබදු වෙනස්කම් සිදුකර ඇත. බ්‍රසීලයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පනවා තිබූ 50%ක විශාල තීරු බද්ද 10%ක් දක්වා අඩු කර ඇති අතර, ඊශ්‍රායලයෙන් අයකරන තීරු බද්ද 15%ක් දක්වා පහත හෙළා තිබේ.මෙම නව තීරුබදු අනුපාත අතරින් ඉහළම අගය වන 41% සිරියාවට පනවා ඇත. ලාඕසයෙන් සහ මියන්මාරයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 40%ක තීරු බද්දක් අයකරන බවද ධවල මන්දිරය සඳහන් කරයි.The post ට්රම්ප්ගෙන් ලංකාවට සහනයක් appeared first on Siyatha News.