හික්කඩුව – දොඩන්දූව ධීවර වරාය ආසන්නයට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එහි සිටි තවත් පුද්ගලයෙකු ඉලක්ක කරමින් වෙඩි තැබීමට උත්සාහ කර තිබෙනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පවසා සිටියේ, එම සිදුවීම ඊයේ රාත්‍රී 9.30ට පමණ සිදුවී ඇති බවත්, වෙඩි තැබීමට උත්සාහ කළ අවස්ථාවේ ගිනි අවි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් උත්සහය ව්‍යර්ථ වී ඇති බවත්ය.මුදල් ආරවුලක් මත වෙඩි තැබීම සිදු කර ඇති අතර සැකකරුවන් හදුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.The post තවත් අසාර්ථක වෙඩිතැබීමේ උත්සාහයක් හික්කඩුවෙන් වාර්තා වෙයි appeared first on Siyatha News.