අරගලය පැවති සමයේ රඹුක්කන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් පිරිසක් උද්ඝෝෂණය කළ අවස්ථාවේදී එය විසුරුවා හැරීමට පොලිසිය සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයකු මරණයට පත්වී තවත් පිරිසක් තුවාල ලැබීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 7 ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 28 වැනිදා) අවසර ලබා දුන්නේය.