පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ වටිනා විදේශීය මත්පැන් බෝතල් තොගයක් අධිකරණ නියෝග පරිදි විනාශ කරන අවස්ථාවේදී පල් වතුර සහ තේ කහට බවට පත් කළේ කවුරුන්ද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් කැඳවන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසයට අද(01) නියෝග කළාය.