මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ සහෝදරයාව ඔහුට අයත් කොල්ලූපිටිය රාත්‍රී සමාජ ශාලාව තුළදී ඝාතනය කිරීම සඳහා රැගෙන ආ බව සැකකරන ටි 56 ගිනි අවිය සොයා ගත් බව පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය කියයි