හෂිෂ් සමඟ කැනේඩියානු විදෙස් කතක් ගුවන්තොටේදී අල්ලයි

Wait 5 sec.

රුපියල් දහඅට කෝටි දස ලක්ෂයක් වටිනා හෂිෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන්තොටුපොළට රැගෙනවිත් ඒවා “හරිත මාවත” ඔස්සේ පිට කිරීමට උත්සහ කිරීමේදී විදේශීය ගුවන් මඟී කාන්තාවක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් අද (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා. 37 හැවිරිදි කැනේඩියානු කාන්තාවක් වන මැය මත්ද්‍රව්‍ය තොගය කැනඩාවේ මොන්ට්‍රියල් නුවරින් රැගෙන කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගෙනවිත් තිබෙනවා. රේගු පාලන නිලධාරීන් ඇයගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ඒ තුළ හෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18 ග්‍රෑම් 123 ක ප්‍රමාණයක් සඟවා තිබියදී හමුවී තිබෙනවා. සැකකාරිය සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු හා නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නියාමන කාර්යාංශයට භාරදීමට නියමිත බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පවසා ඇත්තේThe post හෂිෂ් සමඟ කැනේඩියානු විදෙස් කතක් ගුවන්තොටේදී අල්ලයි appeared first on Siyatha News.