උදය ගම්මන්පිල මෙම අවස්ථාවේදී අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණයට දැනුම් දීමක්

Wait 5 sec.

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මේ අවස්ථාවේ අත්අඩංගුවට නොගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බව පවසමින්, එය වළක්වාලන නියෝගයක් ඉල්ලා උදය ගම්මන්පිල ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණයේදී කැඳවනු ලැබුවා.එහිදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා අධිකරණයට ප්‍රකාශ කළේ, මේ වන විට උදය ගම්මන්පිල අත්අඩංගුවට ගැනීමට පොලිසිය තීරණය කර නොමැති බවයි.ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බවත්, අවසන් තීරණයක් ගනු ලබන්නේ ඉන් පසුව බවත්ය.ඒ අනුව, පෙත්සම සලකා බැලීම ලබන 17 වැනිදා දක්වා කල් තබා තිබෙනවා.The post උදය ගම්මන්පිල මෙම අවස්ථාවේදී අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණයට දැනුම් දීමක් appeared first on Siyatha News.