මීටියාගොඩ පොලිස් වසමේ ඩොමි ජයවර්ධන මාවතේ පදිංචි 15 හැවිරිදි පිරිමි දරුවෙකු සොරකම් කිරිමේ චෝදනාව යටතේ 2008 මාර්තු 07 වන දින අත්අඩංගුවට ගෙන මීටියාගොඩ පොලිස් ස්ථානයේ රඳවාගෙන අමානුෂික ලෙස පහරදි කෘර වධහිංසා පැමිණවිම සම්න්ධයෙන් එවකට මීටියාගොඩ පොලිසියේ රාජකාරි කළ නිලධාරීන් සිව් දෙනාට එරෙහිව මානව හිමිකම් කොමිසම විසින් බලපිටිය මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබිණි.