ලොව පුරා රටවල සංක්‍රමණ විරෝධී විරෝධතා රැල්ලක් ඇති වූයේ ඇයි?: ශ්‍රී ලාංකිකයින්ට මුහුණ පෑමට සිදුව ඇති බලපෑම් මොනවා ද?

Wait 5 sec.

එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, පෝලන්තය සහ ජපානය ආදී රටවල ක්‍රියාත්මක සංක්‍රමණ විරෝධී විරෝධතාවල පොදුවේ නිරීක්ෂණය වුණු සටන් පාඨයක් වූයේ, "end mass immigration" යන්න ය. එහි දල සිංහල පරිවර්තනය මෙසේ ය: "මහා පරිමාණයෙන් සිදු කරන සංක්‍රමණ නතර කරනු," යන්න ය. දශක ගණනාවක් පුරා සිදු වූ සංක්‍රමණවලට එරෙහිව වර්තමානයේ මෙවැනි විරෝධතා රැල්ලක් නිර්මාණය වූයේ කෙසේ ද? මේ, ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල කරන විමසා බැලීමකි.