අල්ලස් චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු නිලධාරීන්ට ඇප

Wait 5 sec.

නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන සම්පත් රත්නායක සහ හිටපු ඉඩම් අධ්‍යක්ෂවරයෙකු වන වීරවංශ පෙරේරා යන අය දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.2018 වසරේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් පෞද්ගලික සමාගමකට පැවරීමේදී රජයට රුපියල් 29,519,666.16 ක පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙනුයි මොවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. මෙම ඉඩමේ මාසික කුලිය රුපියල් 650,000 ක් ලෙස තක්සේරු කර තිබුණද, සැකකරුවන් එය රුපියල් 200,000 දක්වා අඩු කර ඇති බවයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත්තේ.සැකකරුවන්ගේ නීතිඥවරු තර්ක කළේ ඔවුන්ට සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට හැකියාවක් නොමැති බවත්, ඒ හේතුවෙන් ඔවුන්ව රිමාන්ඩ් භාරයට පත් කිරීමට ප්‍රමාණවත් හේතු නොමැති බවත්ය. දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් පසු, මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.එමෙන්ම ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර, විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසද නියෝග කර තිබෙනවා.The post අල්ලස් චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු නිලධාරීන්ට ඇප appeared first on Siyatha News.