'අතට අත දෙන්න බැරි නම් ජාත්‍යන්තර ක්‍රීඩාවලින් ඉවත් වෙන්න' - ඉන්දීය ක්‍රිකට් නායකයාගේ ක්‍රියාවට දැඩි විවේචන

Wait 5 sec.

2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර ඊයේ (සැප්: 15) පැවති තරගය අවසානයේදී පකිස්ථාන ක්‍රීඩකයින්ට 'අතට අත දී' ආචාර නොකිරීම සම්බන්ධයෙන් නායක සූර්යකුමාර් යාදෙව් ඇතුළු ඉන්දීය කණ්ඩායමට දැඩි විවේචන එල්ල වෙමින් පවතී.ඉන්දීය හිතවාදීන් එම ක්‍රියාව අගය කර ඇතත්, තවත් බොහෝ දෙනෙකු එය ක්‍රීඩාවේ ජීව ගුණයට බලපෑම් කිරීමක් ලෙස විවේචනය කර තිබේ.