රේගුව විසින් රඳවාගෙන සිටි BYD වාහන පිළිබඳ විශේෂඥ කමිටුවේ වාර්තාව ඉදිරි සති කිහිපය තුළ නීතිපතිවරයාට ලැබීමට නියමිත බව අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. මෝටර් රථ ධාරිතාව තීරණය කිරීම සඳහා මෙම වාහන බැංකු ඇප මත දැනටමත් නිදහස් කර තිබෙනවා.මෙම තොරතුර හෙළිදරව් වූයේ, ජෝන් කීල්ස් සීජී සමාගම විසින් තමන් ආනයනය කළ BYD වාහන රඳවා තබාගැනීමට එරෙහිව ගොනු කළ රිට් පෙත්සම අද ශ්‍රී ලංකා රේගුව විසින් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.The post BYD වාහන සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දීමක් appeared first on Siyatha News.