සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් "ස්වාමීනී.. මෙම සැකකරු නින්දේදී හුස්ම හිරවීමේ රෝගයට ගොදුරු වී සිටින පුද්ගලයෙක්. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට සෑහෙන්න පිරිහීමට ලක්වෙලා. මොහු ස්ලීප් ඇප්නියා (sleep apnea) රෝගයෙන් දරුණු ලෙස පීඩා විඳිනවා" යැයි කියා සිටියේ ය.