පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා යුද හමුදා බුද්ධි අංශයේ සාමාජිකයෙකු වූ කේ.එස්. මද්දුමගේ ඉදිරිපත් කළ පෙත්සමට අදාළව නීතිපතිවරයා අභියාචනාධිකරණයට විරෝධතා ගොනු කර තිබෙනවා.අද (07) දින අභියාචනාධිකරණයේදී මෙම පෙත්සම කැඳවූ අතර, එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂී හේරත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටිමින් මෙම විරෝධතා ඉදිරිපත් කර ඇති බව දැනුම් දී තිබෙනවා.කිසිදු සාධාරණ පදනමක් නොමැතිව තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව පවසමින් පෙත්සම්කරු මෙම නියෝගය ඉල්ලා ඇති අතර පෙත්සම්කාර පාර්ශ්වයට කරුණු තහවුරු කිරීම සඳහා මෙම පෙත්සම නොවැම්බර් මස 21 වන දින නැවත කැඳවීමට අධිකරණය නියෝග කර ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේThe post පාස්කු ප්රහාරයට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් ඉල්ලා යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක්ගෙන් පෙත්සමක් appeared first on Siyatha News.