කූට ලේඛන මඟින් ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම පිළිබඳ චෝදනා මත හිටපු අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ නඩුව අද (10) කොළඹ මහාධිකරණයේදී යළි විභාගයට ගෙන තිබෙනවා.විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ හමුවේ පැවති විභාගයේදී, මෙම නඩුවේ පැමිණිලිකරු වන සමාජ ක්‍රියාකාරික ඔෂල හේරත් ඇතුළු කිහිප දෙනෙකුගේ සාක්ෂි සටහන් කර ගැනීමත් මෙහිදී සිදුවී ඇතැයි වාර්තා වනවා. ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා නඩුව දෙසැම්බර් මස 15 දක්වා කල් තැබීමටයි අධිකරණය තීරණය කර ඇත්තේ.මෙම අධි චෝදනා පත්‍රය ගොනු කර ඇත්තේ 2004 වසරේ ඔක්තෝබර් 09 සහ දෙසැම්බර් 01 අතර කාලය තුළ පානදුර සහ කොළඹ ප්‍රදේශවලදී ව්‍යාජ ලෙස සකස් කළ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීම මඟින් කූට ලෙස මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙනුයි.The post ඩයනා ගමගේට එරෙහි ව්යාජ ගමන් බලපත්ර නඩුව යළි කැඳවයි appeared first on Siyatha News.