කබ්රාල් ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව දෙසැම්බර් 14ට කැඳවයි

Wait 5 sec.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව දෙසැම්බර් 14 වනදා විභාගය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කර තිබෙනවා.මෙම චෝදනාවට පාදක වී ඇත්තේ, 2012 වසරේදී ග්‍රීක රජය ආර්ථික බිඳ වැටීමකට මුහුණ දෙමින් සිටින බව දැන දැනත්, ශ්‍රී ලංකා රජයට අයත් රුපියල් බිලියන 1.8කට වැඩි මුදලක් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කර රජයට පාඩුවක් සිදු කිරීමයි.කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී, විත්තියේ නීතිඥවරු කියා සිටියේ තමන් ඉල්ලා සිටි ලේඛන කිහිපයක් පැමිණිල්ල (අල්ලස් කොමිසම) විසින් මෙතෙක් ලබා දී නොමැති බවයි.එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය පොරොන්දු වූයේ නොවැම්බර් මස 03 වනදාට පෙර එම ලේඛන විත්තියට ලබා දීමට කටයුතු කරන බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුවේ විභාගය දෙසැම්බර් මස 14 වන දිනට කල් තබා ඇතැයි වාර්තා වනවා.මෙම නඩුව ගොනු කර ඇත්තේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, දොන් වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන සහ එම්.ඒ. කරුණාරත්න යන අයට එරෙහිවයි.The post කබ්රාල් ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව දෙසැම්බර් 14ට කැඳවයි appeared first on Siyatha News.