ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් ආයෝජකයන් මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්තාවක් නිකුත් කර තිබේ. ආයෝජන මණ්ඩලය හරහා සියලු කටයුතු එකවර කරගැනීමට නොහැකි වීම නිසා විවිධ දෙපාර්තමේන්තු හරහා දීර්ඝ කාලයක් එම ව්‍යාපෘති අනුමත කිරීමේ ක්‍රියාවලියට ගත වන බව ඔවුන් පෙන්වා දී ඇති එක් ප්‍රධාන කරුණකි.