2017 වසරේ පවුල් ආරවුල් සිද්ධියකට භාජනය වූ පාර්ශවයක අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයකුගේ වෘත්තීය කටයුතුවලට අවහිර කිරීම තුළින් එවක මීගමුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වශයෙන් කටයුතු කළ වුට්ලර් උදයකුමාර සහ එම පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති මදුශංක ඩයස් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.