ශ්‍රේෂ්ඨාධිකරණයේ විවෘත අධිකරණය තුළ කඩදාසි රහිත විද්‍යුත් පද්ධතිය මත පදනම් වූ ප්‍රථම නඩු විභාගය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ප්‍රධානත්වයෙන්, විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගෙන තිබේ.ඒ, වත්මන් රජයේ ඩිජිටල්කරණ වැඩසටහනේ එක් පියවරක් ලෙසයි.