රජයේ රෝහල්වල ඔක්සිජන් භාවිතයට ප්‍රථම වරට ජාතික මාර්ගෝපදේශ මාලාවක්

Wait 5 sec.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන්, රජයේ රෝහල්වල ඔක්සිජන් භාවිතය පිළිබඳ මෙරට ප්‍රථම ජාතික මාර්ගෝපදේශ මාලාව පසුගියදා එළිදැක්වුණා. යුනිසෙෆ් සංවිධානයේ සහයෝගීතාවයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සම්පාදනය කළ මෙම මාර්ගෝපදේශය හරහා රෝගී සත්කාරයේදී ඔක්සිජන් කළමනාකරණය විධිමත් කිරීම සහ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ තාක්ෂණික අවබෝධය ඉහළ නැංවීම අපේක්ෂා කෙරෙනවා. මෙයට සමගාමීව, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සියයක කණ්ඩායමක් පුහුණු කර ඔවුන් හරහා දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් දැනුම ව්‍යාප්ත කිරීමේ පුහුණු වැඩසටහන් මාලාවක්ද ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.The post රජයේ රෝහල්වල ඔක්සිජන් භාවිතයට ප්‍රථම වරට ජාතික මාර්ගෝපදේශ මාලාවක් appeared first on Siyatha News.