කුෂ් කිලෝ 4ක් සමඟ ගුවන්තොටුපළේදී පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

Wait 5 sec.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පුද්ගලයන් තිදෙනෙකු රුපියල් කෝටි 4කට වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන්තොටුපළේ සියලුම පරීක්ෂණ අවසන් කර පිටව යාමට සූදානම්ව සිටි ගුවන් මගීන් තිදෙනෙකු පරීක්ෂා කිරීමේදියි මෙලෙස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ.අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ගමන් මලුවල තිබී කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 22ක් වන කුෂ් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී ඇති අතර ඔවුන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ සිට කටුනායකට පැමිණ ඇති අතර, ඔවුන් පදිංචිකරුවන් වන්නේ කොළඹ සහ වැල්ලම්පිටිය ප්‍රදේශවලයි. අත්අඩංගුවට ගත් මෙම තිදෙනා අද (20) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.The post කුෂ් කිලෝ 4ක් සමඟ ගුවන්තොටුපළේදී පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට appeared first on Siyatha News.