එළඹෙන වසරේදී මෙරට ගුවන් හමුදාවට ආධාර වශයෙන් ඇමෙරිකා එක්සත් ජනදපයෙන් සහ ඔස්ට්‍රේලියාවෙන් ගුවන් යානා දෙකක් සහ හෙලිකොප්ටර් යානා 10ක් මෙරටට ලැබීමට නියමිතව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.ගතවූ කාල සීමාවේදී ශ්‍රී ලංකා හමුදාව ප්‍රතිසංස්කරණය කිරිමේදී ජාත්‍යන්තර සහාය විශාල වශයෙන් ලැබී තිබෙන බව ද පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා (නොවැම්බර් 18) කියා සිටියේය.