හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 42.23ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ වරදකාරිය වූ කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබුවේ දීර්ඝ නඩු විභාගයකින් පසුවය.මෙම විත්තිකාර කාන්තාව, 2021 සැප්තැම්බර් 15 වනදාට ආසන්න දිනකදී කෝට්ටේ ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගැනීමෙන් පසු, ශුද්ධ බර ග්‍රෑම් 42.23ක් වන හෙරොයින් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම සහ මත්ද්‍රව්‍යවලින් උපයා ගත් රුපියල් ලක්ෂ 50ක මුදලක් ළඟ තබා ගැනීම යන චෝදනා නීතිපතිවරයා විසින් ඇයට එරෙහිව ගොනු කර තිබුණි.කෙසේ වෙතත්, මත්ද්‍රව්‍ය ජාවාරමින් රුපියල් ලක්ෂ පනහක මුදලක් උපයා ගත් බවට එල්ල කර තිබූ චෝදනාවලින් විත්තිකාරිය නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියම කළ බව වාර්තා වේ.The post හෙරොයින් සන්තකයේ තබාගත් කාන්තාවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් appeared first on Siyatha News.