කාන්තාවන්, පිරිමින් අතින් හිංසනයට ලක්වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු සහ ව්‍යාපාරිකයෙකු වන සජීව් රාජපුත්‍රගේ ෆේස්බුක් ගිණුමේ පළ කර තිබූ වීඩියෝවක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව තිබේ. ඔහු සහ ඔහුගේ බිරිඳ සහභාගී වූ පොඩ්කාස්ට් වැඩසටහනක සංස්කරණය කළ මිනිත්තුවක පමණ වීඩියෝ කොටසක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ එලෙස පළ කර තිබූ අතර, එහි ඔහුගේ බිරිඳ විසින් කාන්තා හිංසනයන් සිදු වන ආකාරය පිළිබඳ සිදු කරනු ලබන ප්‍රකාශයක් මෙලෙස දැඩි විවාදයකට තුඩු දී ඇත.