"මගේ නිවසේ ලිපිනය බවට පත්වෙලා තිබුණේ, කොළඹ දෙසට තනි සිග්නල් කණුව අසල, නල්ලච්චිය, තඹුත්තේගම," ජනාධිපති අනුර කුමාර දිසානායක සිය පළමු අයවැය ඉදිරිපත් කරමින්, 2025 වසර සඳහා වන අයවැයෙන් දුම්රියෙන් කෘෂිකර්ම ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ හැකියාව ගැන අධ්‍යනයක් කිරීමට මුදල් වෙන් කරන බව පැවසීය. නියමු ව්‍යාපෘතිය තඹුත්තේගම දුම්රිය ස්ථානයෙන් ආරම්භ කිරීමට යෝජනා වී ඇති අතර එහි මූලික පියවර වෙනුවෙන් ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට 2025 අයවැයෙන් රුපියල් මිලියන 100ක් වෙන් කරන ලදී.