තාලිබාන් සංවිධානයේ ඉහළ පෙළේ අභ්‍යන්තර බෙදීමක්බීබීසීය හෙළි කරයි

Wait 5 sec.

බීබීසීය වෙත ලැබුණු හඬ පටයකින් තාලිබාන් නායකයා වඩාත් කණස්සල්ලට පත් කොට ඇති දේ ගැන හෙළිදරව් විය.2021දී එක්සත් ජනපදය ඉවත් වී, පෙර රජය බිඳවැටී තාලිබාන් සංවිධානය එහි පාලනය අල්ලා ගත් දා එය ආරම්භ විය. එනම් එය බාහිර තර්ජනයක් නොව, ඇෆ්ගනිස්ථානය තුළින් ම ඔවුන්ට එල්ල වන තර්ජනයකි.රට පාලනය කිරීම සඳහා තාලිබාන් සංවිධානය විසින් පිහිටුවන ලද 'ඉස්ලාමීය එමීර්' රජය තුළ එකිනෙකාට එරෙහිව කටයුතු කරන "ආණ්ඩුව තුළ ම සිටින" පුද්ගලයින් ගැන ඔහු අනතුරු ඇඟවීය.