තංගල්ලේ සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවසකින් පුද්ගල මළ සිරුරු දෙකක් හමුවී තිබෙනවා. පොලිසිය කළ විමර්ශනවලදී, එම නිවස ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක තිබී ‘අයිස්’ මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 10ක් සොයා ගැනීමට හැකි වූ බවත් වාර්තාවනවා.මේ අතර, එම නිවසේම සිටි තවත් පුද්ගලයෙක් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් තංගල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දැනට සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, සිදුවීමට අදාළ රජයේ රස පරීක්ෂණය ද මේ වන විට සිදුකෙරෙමින් පවතින බවයි වැඩි දුරටත් වාර්තාවන්නේ.The post තංගල්ලේ අභිරහස් මරණ 3ක් appeared first on Siyatha News.