මොරටුවේ ත්‍රීරෝද රථයක් තුළ තිබී හමුවූ පුද්ගල සිරුර

Wait 5 sec.

මොරටුව, ගාලු පාරේ වීර පුරන්අප්පු විදුහල ඉදිරිපිට නවතා තිබූ ත්‍රීරෝද රථයක පිටුපස අසුන යට තිබී කැපුම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මොරටුමුල්ල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු නඩු කිහිපයකට සම්බන්ධව බන්ධනාගාර ගතව සිට දින 21කට පෙර නිවසට පැමිණි අයෙකු බව‍යි අනාවරණය වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් සහ මොරටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා ස්ථානීය පරීක්ෂණ සිදුකළ අතර, දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර රෝහලේදී පැවැත්වීමට නියමිතයි. මොරටුව සහ මොරටුමුල්ල පොලිස් ස්ථාන එක්ව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවන බවටයි වාර්තා වන්නේ.The post මොරටුවේ ත්‍රීරෝද රථයක් තුළ තිබී හමුවූ පුද්ගල සිරුර appeared first on Siyatha News.