"ඉරාන නාවික හමුදාවට අයත් යාත්‍රාවක්" ගාල්ල වරායේ සිට නාවික සැතපුම් "40ක් පමණ දුරින් අනතුරට" ලක්ව තිබේ.බීබීසී සිංහල කළ විමසීමකදී ආරක්ෂක අමාත්‍යංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මේ බව තහවුරු කළේ ය.එහි කාර්ය මණ්ඩලය මුදා ගැනීමේ මෙහෙයුමක් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව ඔහු පැවසීය.