මෙරටට ඉන්ධන සපයනු ලබන නැව් තුනක් නියමිත කාලයේදී පැමිණීමට නොහැකි බව දන්වා ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ ය.අඟහරුවාදා (මාර්තු 17) විශේෂ මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා පැවසුවේ, විශ්වාසවන්ත සැපයුම්කරුවන් කිහිප දෙනෙකුට ඉන්ධන සැපයීමට නව ටෙන්ඩර් ලබා දුන් බව ය.