පවතින ඉන්ධන අර්බුදය හමුවේ රජයේ කාර්යාල, පාසල් හා විශ්වවිද්‍යාල සඳහා බලපාන ලෙස සෑම සතියක ම අමතර නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගෙන තිබේ. අනෙකුත් දිනවල රජයේ කාර්යාලවලට කැඳවන සේවකයන් සංඛ්‍යාව හා සේවකයන් රාජකාරී සඳහා ගෙන්වන ආකාරය සම්බන්ධව අදාළ අමාත්‍යංශ ලේකම්වරුන් හා ආයතන ප්‍රධානීන් තීරණය කළ යුතු බව ද ඔහු පැවසීය.