'බාල ගල් අඟුරු' සහ ලෝකයේ පවත්නා බලශක්ති අර්බුදය හමුවේ ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බවට යම් ඉඟියක් පළ වන ආකාරයේ කතාබහක් අද (මාර්තු 17) පාර්ලිමේන්තුවේදී සිදු විය.මෙම සංවාදය ඇති වූයේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ ප්‍රශ්නයකින් පසුව ය.ඔහු එහිදී පෙන්වා දුන්නේ, මෙරට විදුලි බලාගාරවලින් නියමිත විදුලි ප්‍රමාණයන් උත්පාදනය නොවන තත්ත්වයක් තුළ ඉදිරියේදී ඩීසල් විදුලි උත්පාදනයට යොමුවීමට සිදුවිය හැකි බව ය.