ඊශ්‍රායලයට විරෝධය පළ කළ බව කියමින් මාස 9ක් රඳවාගෙන සිටි මුස්ලිම් තරුණයාගෙන් පොලිසිය ශ්‍රේෂ්ඨාධිකරණයේදී සමාව ගනියි

Wait 5 sec.

2024 වසරේ ඔක්තෝබර් මස ඊශ්‍රායල ධජයට අනතුරක් සිදු කරන ආකාරයේ සමාජ මාධ්‍ය පළ කිරීමක් කළේ යැයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 9කට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයට පත්කරන ලද මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයකු වන මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහෙල් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාව අයැද සිටින බව එවක දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිවරයා අද (මාර්තු 23 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.