දිවයිනට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත හා ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති සර්ජියෝ ගෝර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (මාර්තු 19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය සහ යුදමය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී නියෝජිත පිරිස දැනුවත් කළ බවද ජනධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.