'නොහික්මුණු රියැදුරන්ට' දඬුවම් කරන්න පොලිසිය අලුතින් ම පාවිච්චි කරන 'හාඩ් ලෝ' එක කුමක් ද?

Wait 5 sec.

රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් විනය ගරුක නොවන ලෙස රිය පදවන රියැදුරන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවට ශ්‍රී ලංකා පොලිසිය අනතුරු අඟවා තිබේ. "නොහික්මුණ ලෙස හා අවිනීත ලෙස රිය පදවා මාර්ග අනතුරු හා රිය අනතුරු සිදුකිරීමට උත්සහ කරන ලද" යතුරු පැදිකරුවෙකු හා ත්‍රී රෝද රථ රියැදුරෙකු සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝ අනුව විමර්ශනය කර අත්අඩංගුවට ගෙන චෝදනා ඉදිරිපත් කර මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.