දෙවුන්දර මුහුදෙන් කෝටි 300ක හෙරොයින් සමඟ යාත්‍රාවක් අත්අඩංගුවට

Wait 5 sec.

දෙවුන්දරට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් ඊයේ (15) සිදුකළ වැටලීමකදී, රුපියල් බිලියන 3කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 123ක් සමඟ බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (16) උදෑසන මෙම යාත්‍රාව දික්ඕවිට වරායට රැගෙන ඒමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කළ බවටයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කර ඇත්තේ. මීට අමතරව, බේරුවල මුහුදු සීමාවේදී තවත් සැක කටයුතු බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර එයද මේ වන විට ගොඩබිමට රැගෙන එමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කර තිබෙනවා.The post දෙවුන්දර මුහුදෙන් කෝටි 300ක හෙරොයින් සමඟ යාත්‍රාවක් අත්අඩංගුවට appeared first on Siyatha News.