ශ්‍රී ලංකාව සිය මිත්‍ර රටක් බවත්, හෝමූස් සමුද්‍ර සන්ධිය සිය මිත්‍ර පාර්ශවීය රටවල යාත්‍රාවලට වසා නොමැති බවත්, එහෙයින් ශ්‍රී ලංකාව වැනි මිත්‍ර පාක්ෂික රටවලට අවශ්‍ය සියලු දේ සැපයීමට ඉරානය සැමවිටම සූදානම් බවත් අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් කියා සිටියේය.