ගෝඨාභය පලා යෑමට යොදා ගත් නාවික යාත්‍රාවේ වියදම් හෙළිනොකිරීම: අභියාචනාධිකරණයෙන් 'ජාතික ආරක්ෂාව' ගැන තීරණාත්මක තීන්දුවක්

Wait 5 sec.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2022 වසරේ ජූලි මාසයේදී පලා යෑම සඳහා යොදා ගත් බව කියන නාවික හමුදා යාත්‍රාවට වියදම් වූ මුදල් සහ එහි ගෙවීම් සිදුවූ ආකාරය සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරවු කිරීම සිදු කරන ලෙස මීට පෙර තොරතුරු දැනගැනීමේ කොමිසම විසින් ලබා දී තිබූ තීන්දුවක් තහවුරු කිරීමට අභියාචනාධිකරණය පසුගිය මාර්තු 19 තීන්දු කළේය.