2025.09.26බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණ, මහනුවර, සහ නුවරඑළිය යන ප්‍රදේශවලට විටින් විට වැසි ලැබෙන අතර, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවන තද වැසි ඇතිවිය හැක.මීට අමතරව, උතුරු-මැද පළාත, මාතලේ, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලටද සුළු වැසි ඇතිවිය හැක.කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ, මධ්‍යම, උතුරු, උතුරු-මැද, වයඹ, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බැවින්, ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසට ජනතාවට දැනුම් දෙයි.මෙම තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.The post අද කාලගුණය appeared first on Siyatha News.