ආසිරි රෝහලේ අධ්‍යක්ෂවරු අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව ඇප මත මුදා හැරීමට නියෝග

Wait 5 sec.

නේවාසික රෝගියෙකුට වැඩි මිලට ඖෂධ නිකුත් කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ නාරාහේන්පිට ආසිරි රෝහල් සමාගමේ සභාපති අශෝක් පතිරගේ ඇතුළු එහි අධ්‍යක්ෂවරු අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඔවුන් ඇප මත මුදාහරින ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය (සැප්තැම්බර් 26 වැනිදා) නියම කළේය.