දකුණු ඉන්දීය සුපිරි නළු විජේගේ රැළියේ තෙරපීමෙන්39 දෙනෙකු මරුට

Wait 5 sec.

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පැවති දේශපාලන රැලියක ඇති වූ තෙරපීමකින් ළමුන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 39 දෙනෙකු මිය ගොස් ඇති බව ප්‍රාන්ත නිලධාරීහු පවසති.ජනප්‍රිය සිනමා නළුවෙකු හා දේශපාලනඥයෙකු වූ විජේ වෙනුවෙන් දකුණු ඉන්දීය කරූර් දිස්ත්‍රික්කයේ පැවති ප්‍රචාරක රැළියට සෙනසුරාදා දස දහස් ගණනක් ජනයා රැස්ව සිටියහ.