අමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාරයකින් අයතුල්ලා අලි කමේනි ඝාතනයට ලක්වීමෙන් පසු, ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස ඔහුගේ දෙවන පුත්‍රයා වන මොජ්තබා කමේනි පත් කර තිබෙනවා. 1969 දී උපත ලද මොජ්තබා කමේනි, ෂියා දේවධර්මය පිළිබඳ හසල දැනුමක් ඇති අයෙකු වන අතර ඔහු ශුද්ධ වූ කොම් නගරයේ සිය ආගමික අධ්‍යන කටයුතු සිදු කර තිබෙනවා. තරුණ වියේදී හමුදා සේවයේද නිරත වූ ඔහු, මෙතෙක් කිසිදු නිල රජයේ තනතුරක් දරා නොමැති වීමත් විශේෂත්වයක්. නිහඬ චරිතයක් ලෙස ප්‍රකට වුවද, ඔහු ඉරාන පාලනය තුළ වසර ගණනාවක් පුරා තීරණාත්මක බලපෑමක් එල්ල කළ අයෙකු ලෙස‍යි සැලකෙන්නේ. පසුගිය 28 වැනි දින එල්ල වූ ප්‍රහාරයෙන් අලි කමේනි ඇතුළු පවුලේ පිරිසක් මියයාමෙන් පසු ඇති වූ දේශපාලනික රික්තය පිරවීම සඳහායි මොජ්තබා කමේනිගේ මෙම පත්වීම සිදුව ඇත්තේ.The post මොජ්තබා කමේනි ඉරානයේ උත්තරීතර නායක ධුරයට පත්වෙයි appeared first on Siyatha News.