නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙහිවල පිහිටි දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස් හයකට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මෙතෙක් ලැබී නැතැයි කොළඹ වංචා විමර්ශන කාර්යංශය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අද (පෙබ: 27) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.